බෝධ්ය

සමරන්නට කියා කිසිත් නොවුණු කල්හි ජීවිතය යනු
                  හුදෙකලාවකි
එහි ඉතිරිව ඇත්තේ ජීවගුණයෙන් පිරුණු
                සුසුම් රැල්ලක් පමණි
එයද නිරායාසයෙන් ඉහළ පහළ ඇදෙයි
 එසේ ඉබේ පාවෙන සුසුම් රැල්ලකට
හුදෙකලා වූ ජීවිතයකට
                  ජීවිතය යනු
 ඇත්තෙන්ම රික්තයකි
  එහි සමරන්නට කියා කිසිත් නැත
            ඉතිරිව ඇත්තේ
                       
                  අවබෝධයක්ම
         
                          පමණකි ...


                         

                                 
                   


Comments

Popular posts from this blog

ඇත්කද ළිහිණි/වාරණ

ආදරණීය දුයිශේන්