ඇත්කද ළිහිණි/වාරණ
සිංහල ජනප්රවාදයන්වල එන ඇත්කද ළිහිණි හෙවත් වාරණ පක්ෂියා ජන මතකයෙන් මැකීයන මනකල්පිත සත්ත්ව රූප අතර සුවිශේෂී ස්ථානයක් ගනු ලබයි.
ඇත්කව ළිහිණි පුරානෝක්තීන් බොහොමයක් පවතින අතර ඉන් ආසන්නව අසන්නට ලැබෙන්නේ ගම්පහ දිස්ත්රික්කයේ "වාරණ" නමින් ප්රසිද්ධියට පන්සල වටා ගෙතුනු පුවතයි. එය මෙසේ සදහන් කරමි.
" එවකට වාරණ පන්සලෙහි නායක ධූරය දැරූ දංගල්ලේ අත්තදස්සී නායක ස්වාමීන් වහන්සේ මෙහි වැඩ සිටින යුගයේදී ඉතා උසකින් හා පළකින් යුත් ඉඩම්ගල ලෙස සැලකෙන ගලට ඉතා විශාල පක්ෂියෙකු නිරන්තරයෙන් පැමිණීමට හුරව සිටි බව පවසයි. තවද මෙම පක්ෂියා මෙරටට ආවේණික පක්ෂියෙකු නොවන බවත් ඉන්දියාවේ හිමාලය පර්වතයේ සිට එන පක්ෂියෙකු බවද සදහන් කරයි. මේ සා විශාල පක්ෂියෙකුගේ පැමිණීම නිසා ප්රදේශවාසීන්ට අතුරු ප්රශ්න රාශියකට මුහුණැ පෑමට සිදු වූ බව සදහන් වේ. මෙම පක්ෂියා විසින් ආහාරයට ගනු ලබන මාංශ කොටස් තැන තැන වැටීම හේතුවෙන් එම ප්රදේශ දුර්ගන්ධ වීම එම ගැටළු විය.එසේම මෙම පක්ෂියා හට ඉතා දරුණු හඩක් පිහිටා තිබුණු බව සදහන් වේ. රාත්රී කාළයේදී නිරන්තරයෙන් කෑගස්නු ලැබූ බවද සදහන් වේ.එය මිනිසුන් බිය වද්දන සුළු වූ බවද සදහන් ය. "
වාරණ පුරාණ විහාරය ඉතා දිගු ඉතිහාසයකට වග කියන බව නැගෙනහිරින් වූ දිග්ගලෙහි වන සෙල්ලෙපිය සාක්ෂි ලබා දෙයි. මෙම සෙල්ලිපිය ක්රි.පූ.6 වන සියවසට අයත් බව සදහන් වන අතර ඇත්කද ලිහිණි පුරානෝක්තියද සදහන් කොට ඇති බව කිය වේ.
ජනප්රවාදයන්ගේ සදහන් පරිදි මෙම පක්ෂියා ඇතුන් පවා දඩයම් කළ බව කියවේ. මොවුන් පිළිබද ජන මතකයෙන් බිදෙන් බිද බැහැරව ගියද විහර සිතුවම් තුළ මොවුන්ගේ රූ තවදුරටත් දැක ගත හැක.
ඇත්කද ළිහිණියා ජනප්රවාද ලංකාවෙ මෙන්ම ඉන්දියාව, තායිලන්තය වැනි රටවල පවතිනු ලබන බව සදහන් ය.
(චායා රූප අන්තර්ජාලයෙනි)
Comments
Post a Comment