ප්‍රේම නුවරට යළිත් එන තුරු....

         ඇතුල් හද බැමි කවුළුවේ නුඹ
හද බැම්ම මත හාදු තවරා
      සුභ ගමන් නුඹ යන්න නුඹ අද
ප්‍රේම නුවරම මතකයෙන් පුරවා...

      සීත කදු අතර දැවටෙන සිහින් සිරිපොද වැසි පවා
         නුඹේ උණුහුම පතා එද්දී
මගේ සිත නුඹ වටා ඉගිලෙයි
ඒ උණුහුමට ඉඩක් නොතබා....

    දනිමි මා-දැනෙන බව තනිකම සීත නගරේ අදුර අතරේ
       දවාලන්නම් දොලොස් මහ පහන මම
නුඹට තනියක් නොහැගෙනෙන සේ....

         ප්‍රේම නගරෙන් ගියත් දුරකට
පායන්න නුඹ මගෙ සුපුන් සද වී
            සීත ක්වුළුව හැර බලා හිදිමි මං
අමාවක අහසට අයැදලා... 🎇


Comments

Popular posts from this blog

ඇත්කද ළිහිණි/වාරණ

ආදරණීය දුයිශේන්