ආදරණීය දුයිශේන්
අදත් ඉදහිට දුවනවා සිත.. නුඹෙ සුවද රැදි අයිලයේ.. විහග ගීරැල් ඇසෙනවා අද අපි එදා හිනා වුණු මිටියාවතේ... නුඹේ සුවදින් ගොඩනැගුනු ඒ අරුත් පිරි ඒ අන්දරේ.. පොප්ලර් ගස් සේම දළු ලා වැඩෙනවා නුඹ නැතිව නුඹ එක්ක.. අතරමං වුණු සන්තාන ප්‍රේමයේ.. ආදරණීය දුයිශේන් තෙළිතුඩට පණ දුන්නු බොදව ගිය සිත්තමයි නුඹ... යළි නො එන ගුරු ගීතයයි නුඹ.. දවසක කියන් පොප්ලර් මසිත ඉකිබිද හැඩූ රාවය.. ඔහු නැතිව ඔහු එක්ක ගෙනා බව ගොඩ ගැසූ ඒ මිහිරි මතකය.. කියන් හිමිහිට මිහිදන් කෙරූ බව ඒ මුල් බැසගත් මතක ගොන්නම ආදර කන්ද පාමුලම...